පුවත්

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ අනාගතය කෙබඳුද ??

වත්මන් රජයේ හා රජයේ නායකයාගේ දේශපාලන ස්ථාවර බව න්යාකයාත්මකව ශක්තිමත් ය. ව්යිවස්ථාදායකයේ තුනෙන් දෙකක ඡුන්දය හිමිනිසා තැමති කැමති නීතියක් පැනවීම හා ආණ්ඩුකරර්ථමය වෙනස්කිරිම පවා කළ හැක. ජනාධිපතිගේ විධායක බලය අතිවිශාල නිසා ඔහුගේ අභිමතය කරිති යාත්මක කිරීමට පුළුවන. රටේ ආර්ථිකයත් ඒ තරමටම ස්ථාවර නම් පරාිධාර්ථනීය වූ ‘‘ආසියාවේ ආශ්චර්ය වීම’’ එලෙසම ඉටුවිය හැක. ආර්ථිකය ස්ථාවරද යන්න විමසීම මෙහි අරමුණයි.

19 වන සියවස වනතුරු මෙරට පැවතුනේ ස්වයංපෝෂිත කෘෂී ආර්ථිකයකි, සොබාදහමේ ඇති විවිධ චකර්ථ උපයෝගි කරගෙන ඒවාට හානියක් නොවන මට්ටම තුළ නිෂ්පාදනයද, එම නිෂ්පාදනය පරිභෝජනයෙන් පමණක් සෑහීමට පත්වීමද සිදුවින. මේ අනුව පැවතිය හැකි කාලයද සිංහලයා දැන සිටි නිසා ‘‘ඉරහද පවතින තුරු’’ යන පාඨය තුළින් තම ජීවන රටාව අර්ථවත් කරන ලදී. හැමදෙනාම නිෂ්පාදකයින් හා පාරිභෝගිකයන් වූ නිසා ආර්ථිකයේ උච්චාවචනයන් සිදු නොවීය. දේපල කරරටාමයක් නොතිබීම නිසා දුප්පතුන් හා පොහොසතුන්ද මුදල් භාවිතයද දක්නට නොතිබුණි.

එහෙත් 1815 දී අප බිරමී තානය අධිරාජයාට යටත් වීම නිසා මෙම රටාව ඔවුන්ට ලාභ ලැබෙන ආකාරයට වෙනස් කෙරිණ. ලංකාවේ සම්පත් ඇත්තේ පොළොව මතුපිට නිසාත්, ඉන් සාරවත් වන පොළොවේ සාරය කොල්ලකෑමට හැකි වනුයේ වෙළෙඳ වැවිලි වගා කිරීම නිසාත් බව වටහාගත් බිරිසාතාන්යරයන් මෙරට වැවිලි කර්මාන්තය ඇරඹුවේය. කෝපි, තේ, රබර් හා පොල් ඉන් පරනිකධාන විය. මෙම නිෂ්පාදන කොළඹට ගෙන ඒමට පාරවල් ඉදිකෙරිණ. වරායෙන් අපනයනය කළ වැවිලි නිෂ්පාදන බිරය වතාන්යව වෙළෙඳපොළවලට ගොස් ලාභ ලබාදුනි. මෙම තත්වය උදාකර ලීමට ස්වදේශිකයන්ට ඉඩම් පරිභෝජනය තහනම් කර, ස්වේච්ඡුා සේවාව වූ රාජකාරියත්, ශරවල ම විශේෂඥතාවය වූ වෘත්තීය කුලයත්, ගම පාලනය, කළ ගම් සභාවත් තහනම් කෙරින. භික්ෂූලන් වහන්සේගෙන් ඉටුවුණු අධ්යාාපනය හා විනිශ්චය පාසැලට හා උසාවියට පැවරිණ. නව ආර්ථිකයකට අනුව සමාජ කරකළ මය ද වෙනස් කෙරිණ. මුදල් භාවිතය, වැටුප් ලබන කුලී වැඩ, මහාමාර්ග හා දුම්රිය මාග_, වාහන, පණිවිඩ හුවමාරු සේවා, වරායන්, රෝහල්, පොලිසිය, උසාවිය, කච්චේරිය, හා රාජ්යඋ දෙපාර්තමේන්තු හා මේවාට අනුගත විමට මොළය හැඩගස්වන අධ්යාහපනයද, පුවත්පත් සඟරා, හා ගුවන්විදුලියද බිහිවුනි. ජනතාවද ඒ අනුව අවශ්යමතා, කඩ සාප්පු, වලින් මිළදී ගැනීම, බටහිර බෙහෙත්, ආනයනික රෙදිපිළි පාර අයිනේ ඉදිවන උළු ගෙවල්වල පදිංචි වීම, ආදී සුදු මිනිසා අනුකරණය කරමින් කරඩ සමයෙන් වෙනස් වූහ. අන්තිමට තම රට ගැන කිසිවක් නොදත් ස්වදේශික පිටරැුටියන් බවට ඔවුහු පත්වූහ.

නිෂ්පාදනය සඳහා අවශ්ය‍ ස්වභාවික සාධක කරා නිදහසේ එළඹීම හා ඒවා කළමනාකරණය කිරීම යටත් විජිත රටාව තුළ තහනම් විය. ඔවුන්ගේ ලිබරල් නිදහස තිබුණේ මුදල් උපයා එය ආයෝජනය කර තවත් මුදල් ඉපයීමටය. නිෂ්පාදනය ඊට සීමා විය. එය නොහැකි අයට වැටුපට කුලීවැඩ කළහැකි විය. නව කර ආයමය තුළ සියලූ ස්වාභාවික සාධක මුදල් බවට පත් අගයන් ලබාගති. නිෂ්පාදනය ද මුදල් අගයට යටත් විය. අන්තිමට මිනිසාද යනු මුදලේ නොහොත් ධනයේ එක් අංගයක් විය. ඊට ශර් අමය යයි කීය. ශරිය ම හිමියා ශර ද මිකයා පමණක් විය. ඔහු එය විකිණිය යුතුය. මෙයට ‘‘ධනවාදය’’ යයි හැඳින්වීමේ නාමයක්ද ඇත.

මෙම ධනවාදි රටාව තුළ ලංකාවේ ආර්ථිකය යහපත් අන්දමට තිබීමට නම් අප මුදල වන ‘‘ලංකා රුපියලේ’’ අගය ශක්තිමත්ව තිබිය යුතුය. විදේශ රටවල හා ජාත්යයයන්තර පරිහරණයේ මුදල් හා සමඟ සැසදීමෙන් එහි ශක්තිමත් බව හා ස්ථාවර බව තේරුම් ගත හැක.

1940 දශකය වනවිට (නිදහස ලැබූ අවදිය* ලොව බලවත්ම මුදල් ඒකකය වූ ස්ටර්ලිං පවුම’’ රුපියල් දහයක අගයෙන් යුක්ත විය. පිළියන්දල – කොළඹ පාරේ ඉඩම් අක්කරයක් පවුම් 100 ක් නොහොත් රුපියල් එක් දහසකි. පවුමට සිලිම් 5 නොහොත් රුපියල් දෙකයි සත පනහකි. සිලිමට පැන්ස 12 ක් වූ අතර පැන්සය සත 4 කි. බනිස් ගෙඩිය හෝ මැනිලා සුරුට්ටුව පැන්සයකි. අප විසින් 1948 දී රට භාරගත්තේ එවන් ආර්ථිකයක් තුළය.

මීට සරිලන ලෙස වැටුප්ද සැකසී තිබුණි. අවුරුදු 10 ක සේවය ඇති ලිපිකරුවෙකුගේ හෝ අවුරුදු 15 ක සේවය ඇති සිංහල පුහුණු ගුරුවරයෙකුගේ මාසික වැටුප රු. 80 ක් වූ අවම පර00සමාණයක විය. දරුවන් හතර පස් දෙනෙකු හා දෙමව්පියන් සහිත පවුලකට අග හිඟයකින් තොරව ජීවත්වීමට එය පරිබුමාණවත් විය. අද මහ බැංකුවේ ගණන් බැලීම අනුව දරුවන් දෙදෙනෙකු හා දෙමව්පියන් සහිත 4 දෙනෙකුගෙන් යුත් පවුලක මාසික නඩත්තුව සඳහා රු.36.000 ක අවම ආදායමක් අවශ්යුය.

අද වන විට ස්ටර්ලිං පවුම රු. 175 ක අගයෙන් යුක්තය. ඇමෙරිකානු ඩොලරය රු.113 ක අගයෙන් යුක්තය. ඒ අතරම ලංකාණ්ඩුවේ මේ වනවිට ලබා ඇති හා ආපසු ගෙවිය යුතු විදේශ ණය පරඅග මාණය රුපියල් දහස් කෝටි වලින් 4464 ක් නොහොත් ටිරාණ්ලියන 4.5 කි. මෙය රටේ ජනගහනය වන දෙකෝටියෙන් බෙ¥ විට එක් පුද්ගලයෙකුට අදාළ ණය රු.2,23,200 කි. තත්වය එසේවෙද්දි සිංගප්පූරුවෙන් (කොටස් වෙළෙඳපලෙන්* 6% ක පොළියට ඩොලර් බිලියනයක් නොහොත් රුපියල් කෝටිවලින් ලක්ෂෙයක් (රුපියල් ටිරස් ලියනයක්* ණයට ගැනීමට අපේක්ෂාි කෙරේ. ජාත්ය යන්තර ණය ගැනීම්වල වත්මන් පොලී අනුපාතිකය සියයට එක සහ දෙක දක්වා වේ. 6% යනු ඉතා අධික පොලියකි.

මේ අතරතුර ලංකාවේ ආර්ථික වර්ධන වේගය 8.5% බව මහ බැංකුව පවසයි. මෙය හැඳින්වීමට නම් ඈත ගම්බද මිනිසාගේ පටන්ම පුද්ගල ආර්ථිකය 8.5% ක් වර්ධනය වී තිබිය යුතුය. වාර්ෂිකව දැවැන්ත ණය ලබාගත් පසු එමගින් වත්කම් වැඩිවීම රටේ ආර්ථිකයේ වර්ධනයක් ලෙස නූගත් මිනිසුන්ට කියා පෑම මහ බැංකුවක් විසින් නොකළ යුතු කරුණකි, එසේ ලැබෙන ණයද, වියදම්වන්නේ ආර්ථික යටිතලය නොහොත් නවීන පාරවල් හා පාලම්, වරායන් හා ගුවන් තොටුපලවල්, නිවාස සංකීර්ණයන් හා නගර ඉදිකිරීම්, ජල සම්පාදන හා විදුලිය නිපදවා බෙදාහැරීම් ආදී කටයුතු සඳහාය. මේවායේ අවශ්යකතාවය මෙරට පුරවැසියනට නොව විදේශ ආයෝජකයන්ටය. ‘‘නව කාර්මික රාජ්යාය’’ නමැති වත්මන් රාජ්ය ආර්ථික පර්යතතිපත්තියටත් සංවර්ධනය අපේක්ෂාම කරන්නේ විදේශ ආයෝජකයන් මෙරටට අවුත් කර්මාන්ත අරඹා මෙරට තරුණ පරපුරට රැුකියා සැපයීමය. විසි අවුරුද්දකට වඩා කරි් යාත්මක වූ මෙම පරාන තිපත්තිය තුළ තරුණ පෙළට රැුකියා ලැබී නැත. ලැබුණු ටික දෙනාද ඉතා සොච්චම් වැටුපකට තම ශරද් මය කැප කරති.

මේ සියල්ල හමුවේ අපට වැරදුන තැන සොයා ගෙන යෑම ඉතා වැදගත් ය. මෙතෙක් ලේඛකයන් විසින් හා ජනමාධ්ය ය විසින් පරරශ්ශ්න පමණක් විවිධ පැති වලින් විගරතැනහ කිරීම හා ඉන් අපව බිය කරවීමට උත්සාහ දැරුවා මිස පර්‍ැශ්නයට හේතුව පෙන්වා දී ඇත.

1948 දී පිරුණු භාණ්ඩාගාරයක් සහිතව ලංකාව අපට ලැබුණි. වියදමට වැඩි ආදායම නිසා අයවැය හිඟයක් හෝ ණය ගැනීමක් නොවීය. යුධ සමයේදී බිරරය තාන්ය අධිරාජ්යනයට ලබා දී තිබූ ණයද ආපසු ලැබුණේ මුදල් ලෙස නොව ගල්ඔය මිටියාවත යෝජනා කරම තමය ලෙසටය. තේ, රබර්, පොල් සහිත වෙස්ට්මිනිස්ටර් ආර්ථිකයට එදා රට ඉදිරියට ගෙනයාමට හැකියාව තිබුණි. එංගලන්තය හැමවිටම තම රටටත් එමෙන්ම තම යටත් විජිතවලටත් අවුරුදු 40 ක් ඉදිරිය බලා සැලසුම් සකස් කරන ලදී.

ලංකාවේ හා එංගලන්තයේ අධ්යායපනය එකක්ම විය. ඉන් උගත්කම ලැබූ දේශපාලනඥයින්ට හා රාජ්යශ නායකයින්ට 1948 දී භාරදී ගිය යටත් විජිත කරයේ මය පවත්වාගෙන යාම හැර කළ හැකි වෙනත් යමක් නොවීය. ඔවුන් ලංකාව දැක නැත. එබැවින් ලංකාවට අවශ්යට ආර්ථිකය කෙබඳුද යන්න තෝරා බේරා ගැනීමට හැකියාවක් නොවීය. අද වුවද තත්වය එයයි. එංගලන්තයෙන් දෙන විශේෂඥ උපදෙස් පමණක් කරිෙ යාත්ක කෙරිණි. වෙළඳ ඇමතිවරයෙකුව සිටි ආර්.ජී. සේනානායක මහතා දේශපේර විමියෙකු වූ නිසා එංගලන්ත උපදෙස්වලට පටහැනිව ගොස් චීන-ලංකා රබර් හාල් ගිවිසුම අනුව (1952* චීනයට රබර් දී සහල් ගැනීම පමණක් රුපියල අවපරෙස්මාණ වීම අඩුකර ගැනීමට ගත් පියවරකි. මෙකල ආර්ථිකය ලංකාවට ගැලපෙන ආකාරයට සකසා ගැනීමට වඩා දේශපේර අ මී උගතුන් බලාපොරොත්තු වුනේ සිංහල සංස්කෘතිය හා බුද්ධ ශාසනය නංවාලීමට ය. 1956 සංස්කෘතික පෙරළිය එහි පරශප තිඵලය විය. සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය හා මලලසේකර, මෙත්තානන්ද, කුලරත්න වැනි භාෂා විශාරදයන් ජාතික පරශප බෝධයේ පරයතුධානීන් වූ අතර ආර්ථිකය ගැන ඔවුනට දැනීමක් නොවීය.

සාම්පරෙම දායික ලෙස රාජ්යි ආදායමෙන් වියදම් කළ අතර බස් ජනසතු කිරීම නිසා එහි වන්දි ගෙවීමට ණය ලබාගැනීමට සිදුවිය. ගල්ඔය ව්යාශපාරයේ ගොවීන් පදිංචි කරවා වසරක් යනතුරු සහනාධාර ගෙවීමේදී ද සුළු ලෙස ණය ලබාගෙන තිබුණි. 1948 න් පසු කෘෂිකාර්මික ලංකාව කාර්මික කිරීම සඳහා විවිධ කර්මාන්තශාලා අරඹන ලද අතර ඒවා අනුකරළුකමයෙන් වසා දැමිණ. සිමෙන්ති හා රසායනික ද්ර ව්යක පමණක් ඉතිරි විය. අධිරාජ්යඒ යුගයේ සිට ආ වැල්ලවත්ත පෙහෙකම්හල හා කොළොන්නාවේ රජයේ කම්හල දිගටම පවත්වාගෙන යා හැකි වුනේ ඒවා ශක්තිමත් පදනම් මත අධිරාජ්යර ආණ්ඩුව විසින් ස්ථාපිත කර තිබුන නිසාය. අඩුවැඩි වශයෙන් 1960 දශකයද සුපුරුදු ආර්ථිකයම බලවත් පර් මශ්නවලින් තොරව පවත්වා ගෙන යන ලදී. තෙල් සමාගම් ජනසතු කළවිටදී ණය ලබාගැනීම අවශ්යක විය. 1970 දශකය ඇරඹීමත් සමග මෙරට සංවර්ධන යුගය උදාවිය. සංවර්ධනයේ නාමයෙන් ණය ගැනීම් විශාල වශයෙන් සිදුවන්ට වුනේ මෙම දශකය තුළදීය. පියවිය යුතු අයවැය පරතරයක් ඇතිවූයේද මෙම දශකය තුළදීය.

සංවර්ධන විශේෂඥයින් විසින්, විශේෂයෙන්ම ලෝක බැංකුවේ අන්තර්ජාතික මූල්ය‍ අරමුදලේ, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ උපදෙස් වුනේ බටහිර සංවර්ධන අච්චුව තුළට ලංකාවද ගෙනඒමය. එමඟින් සංවර්ධනයේ ඵල නෙලීමය. යුරෝපයට ඇමෙරිකාවට හා ජපානයට වෙනස් ස්වභාවික පරිසරයක් තුළ ශීත රටවල සංවර්ධන කරිර යාදාමය කරිම සයාත්මක කරන්නට ගොස් තවමත් පරක පතිඵල නැත්තේ මෙම මූලික සිද්ධාන්තය තේරුම් නොගත් නිසාය. ජපානය ආසියාතික රටක් නිසා ලංකාවද ජපානය සේ දියුුණු විය යුතු බව විශේෂඥ මතය විය. ජපානය පිහිටා ඇත්තේ යුරෝපය පිහිටි අක්ෂාංිශයක තුළ නිසා එරට අපට සමාන නැත.

පුළුල් පාරවල්, අංග සම්පූර්ණ වරායන්, විශාල ගුවන් තොටුපලවල්, දැවැන්ත විදුලිබල යෝජනා කරය අම, සුපිරි වෙළෙඳසැල් සහිත නගර, විශාල ආරෝග්යසශාලා, දියුණු පණිවිඩ කරතොටම හා පරන්තවාහන කර‍ර ම සංවර්ධනයේ පසුබිම වේ. අපද මේ සඳහා 1970 න් පසු මුදල් ආයෝජනය කළෙමු. 1978 දී විවෘත ආර්ථික කරයු මය ලංකාවටද ඇතුළු විය. වසා තිබුන දොරවල් ලෝකයට නිදහසේ විවෘතකළ නිසා හොඳ දේ මෙන්ම නරක දේද සීමාන්තික ලෙස රටට පරක විශ්ට විය. විශේෂඥ උපදෙස් වූයේ ලංකාවේ මිනිස් ශරනිදමය හැරුණු විට ඉන්ධන ලෝහ, ඛනිජ, පැට්රෝසලියම් හා ගෑස් ආදී කර්මාන්තයනට අවශ්ය සාධක කිසිවක් නැති නිසා විදේශික ආයෝජකයන්ට ලංකාවට අවුත් කර්මාන්ත අරඹා මෙරට තරුණ පිරිසට රැුකියා ලබාදිය හැකි ආකාරයට පහසුකම් සැලැස්විය යුතු බවය. මෙහි ඇති හරි වරද තේරුම් ගත නුහුණු රජය එම උපදෙස් හිස මුදුනින් පිළිගෙන ‘‘නව කාරමික රාජ්ය්ය’’ (භෑඋ ෂභෘඹීඔඍෂ්ඛ ීඔ්ඔෑ* යන නව ආර්ථික පරම් තිපත්තියට එළඹුනි. අමුද්රහව්යන හෝ ඉන්ධන නැති රටක අනුන්ගේ පරා ග්ධනයෙන් හා දේශීය ශර්ථිමය බිල්ලට දීමෙන් සංවර්ධනය අපේක්ෂා‍ කෙරිණි. අදත් ලංකාවේ ආර්ථික පර‘ ආතිපත්තිය වන්නේ ‘‘නව කාර්මික රාජ්යර’’ න්යායයයි. හැත්තෑවේ දශකය තුළ ඇරඹුණු තවත් ආර්ථික පිළිවෙතක් වුනේ සංචාරක කර්මාන්තයයි. එස් තුන :ීල ීල ී* නොහොත් හිරු එළිය, වැලිතලා සහ කාමය :ීමබල ී්බාල ීැං* සඳහා ලංකාව ලෝක පර ්ථචලිත වී ඇත. පිරිමි ගණිකා සේවනය අතර ශරී්ය ලංකාව මුල්ම තැනක සිටී.

රජයේ අනුගර ප හය ඇතිව නුවූවත් විදේශ විනිමය ඉපයීම සීඝර පි වූ පසු විදේශ වහල් සේවයට සමාන මැදපෙරදිග රැුකියාවන් දැන් ආර්ථිකයේ ඉහළම තැනක සිටී. එය විසින් වැඩිම විනිමය ඉපයීම ඊට හේතුවය. යුද සේවයට බැඳුන පිරිමින් ගෘහ සේවයට ගිය කාන්තාවනුත් අද ගම්බද සමාජය හැසිරවීම කරති. ගෘහ සේවිකාවන්ට ගෙයක් සාදා ගැනීම හා තරීද රෝද රථයක් ගැනීමට ඉන් හැකිවන විට පවුල ඉහිරී, දරුවන් දඩාවතේ ගොස් සිදුවන සමාජමය පිරිහීම හා අවුල පර හාබලය.

ඇඟළුම් කම්හල් ව්යාාපාරයද තවත් දේශීය වහල් සේවාවකට සමානය. පැය 12 ක් පමණ වඩකිරීමේදී අවශ්යය වන පෝෂණය ලබාගැනීමට ලැබෙන වැටුප පරයාවමාණවත් නොවේ. එනිසා ශරීරය දිනෙන් දින දුර්වල වෙයි. වයස 21, 22, 23 පමණ වන තරුණියන් වැඩට අවුත් අවුරුදු 10 ක් සේවය කළ පසු දුව_ලව ගෙදරට ආ ඇය පවුලට බරකි. ඇඟළුම් කම්හල් විමධ්ය2ගත කිරීමෙන් ගමට මුදල් ලැබීමට වඩා ගමට දුරාචාරය බෝවිය. අද ඇඟළුම් කම්හල්ද මහා පරිමාණයෙන් වැසෙමින් පවතී.

සංවර්ධනයේ කෘෂිකාර්මික පාර්ශවයද ඛේදවාචකයක් පමණි. 1968 දී ‘‘හරිත විප්ලවය’’ ලංකාවටද ආවේය. විස්මිත මැනිලා වී වල අස්වැන්න ඉහළයාම සිදුවූයේ විස්මිත පොහොර නිසාය. ගොවීහුද ණය ලබාගෙන ගොවිතැන් කිරීමට පුරුදු වුහ. එහෙත් අද පොහොර දමන තරමට අස්වැන්න ඉහළ නොයයි. නිෂ්පාදන වියදම ආදායමට වඩා වැඩි වීම නිසා තෙත් කලාපීය කුඹුරු බොහෝ විට පුරන්ව ඇත. ආරම්භක මහා පරිමාණ ගොවි ව්යානපාරය වූ ගල්ඔය නිම්නයේ 2040 වනවිට ගොයම් ගස වැවීමට නොහැකිව කුඹුරු මුඩුබිම් බවට පත්වන්නේ යයි කැලිෆෝනියා විශ්වවිද්යායලයේ ඬේවිස් පීඨය අනාවැකි පවසා ඇත. 1970-77 හපුතලේ අවට කඳු බෑවුම් සියල්ල උක් වගාවෙන් අලංකාර වී තිබුණි. ඉන් පස බුරුල් වී අද හපුතලේ අවට උක් වැවූ සියලූ පරගස දේශ තදින් නාය යාමට ගොදුරු වී ඇත. ගර්කින්ද විස්මිත වගාවක් වී තිබී අද පොළවෙන් ඉවත් වී ඇත්තේ තවත් බෝග එහි වැවීමට අපහසු තරමට පණුරෝග ඇති කරමිනි. පොහොර හා රසායනික වසවිස නිසා කුඹුරු වැඩ කාලයට ගොවීන් රෝගී වී ‘‘මී උණ’’ යනුවෙන් නම්කර එය මීයන්ගෙන් ඇතිවන රෝගයක් බව කියති. අනුරාධපුර දිස්තරිඩ කක්කය පර් බමුඛ වියළි කලාපයේ ක්ලෝරයිඞ් වැඩිවීම හුදෙක්ම අධි පොහොර යෙදීම නිසා සිදුවන්නකි. පොහොර අඩුමිළට දෙමින් වැඩියෙන් රෝහල් තැනීමට සිදු වී ඇත. මේ සියල්ල අතර විශාලම ඛේදවාචකය නම් මහවැලි ඇතුළු සියලූ කොන්කරීා ට් බැමි බැඳි ජලාශ අවුැදු 50 ක ඇවෑමෙන් බිඳී ගොස් අසල පරලම දේශ සේදී යාමය. පෝට්ලන්ඞ් පර මහමිතියේ සිමෙන්තිවල ආයූ කාලය අවුරුදු 50 කි. 2010 වසරේදී එකල යල කන්නයේදී සහ 2009 මහ කන්නයේ වී අස්වනු සරුවිය. එහෙත් 2010 ඔක්තෝබර් වන තුරුත් රජයට මිලදී ගත හැකි වී ඇත්තේ නිෂ්පාදනයෙන් අටෙන් එකකි. මාස 4 ට වඩා කල් ගතවන විට වී ඇට පැලී පිටි හැලේ. එබැවින් නරක් වන්නට හැරීම හෝ පෞද්ගලික වෙළෙන්දාට කුණු කොල්ලයට වී විකිණිය යුතුය. සංවර්ධනය වූ එකම ක්ෂෙ ්තරබැවය එය වන අතර ඉන් පලක් නැති නිසා ඉදිරියට ගොවීහු වගාව අඩු කරන්නාහ. ඉස්සන් වගාවද මහත් වූ පාරිසරික හානි ඇතිකරමින් කඩා වැටෙන ධීවර ව්යාබපාරයකි.

තර්ද ස්තවාදීන් මැඩලන ලද යුද්ධය ජයගත් පසු දැන් අපට මහා සංවර්ධන යුගයක් බිහිවී ඇත. එහි ධනෝපායන පරර ධාන ඉලක්කයන් වී ඇත්තේ සංචාරක කර්මාන්තයයි. පොළොව හාරා වරායක් නිර්මාණය කළ හම්බන්තොට වරාය තවත් දැවැන්ත සංවර්ධන ව්යාේපාරයකි. නමුත් එහි වසර 30 ක අයිතිය චීනය සතුය. තෙල් ගවේෂණය කරන අතර එහි අයිතිය ඉන්දියාව සතුය. ලංකාවට බිම් බද්ද හිමිය. මේ අහිතකර පැති, අපට හිතකර කරගන්නේ කෙසේද ?

සංවර්ධනය යන වචනයට 1987 දක්වා අර්ථ සැපයුනේ වෙනසින් පසුව ඇතිවන වැඞීයාම (ඨරදඅඑය දබ ජය්බටැ* යනුවෙනි. මෙය යුරෝපයට අදාළ පරයට වෘත්තියකි. කෘෂිකර්මයෙන් පීඩාවිදි යුරෝපය පොළොව යට අති ඉන්ධන, ඛනිජ ලෝහ ආදිය හාරා මතුපිටට ගෙන කර්මාන්ත කර එම කාර්මික භාණ්ඩ අලෙවිකර ධනය (මුදල්* ඉපයීමට හා එම මුදලින් අවශ්යොතා මිලදී ගැනීම මෙම වෙනසයි. එහි වැඞීයාම සංවර්ධනයයි. මතුපිට සම්පත් නැති යුරෝපයේ එම න්යාවය මතුපිට සම්පත් ඇති ලංකාවට නොගැලපේ. එමෙන්ම පොළව යටින් හාරා ලබාගන්නා එම ‘‘සීමිත සම්පත්’’ වෙනුවට ලංකාවේ ඇත්තේ චකරාමතුකාරව මතුපිට කරි හායාත්මකවන සම්පත්ය. නිවැරදිව කළමනාකරණය කිරීම තුළින් සම්පත්වලට හානියක් නොවන පරිදි මනුෂ්යව අවශ්යපතා නිපදවා ගන්නේ කෙසේද යන්න බිරන්මතාන්යළ යුගයට පෙර අප දැනසිටියෙමු. එමෙන්ම බුදු සමය මගින් කල්පවත්නා අල්පේච්ඡු ජීවිතයට මිනිසා යොමුකර ඇත. මේ අනුව ‘‘සීමිත සම්පත්වලින් අසීමිත ආශා ඉටුකර ගැනීම’’ යන ආර්ථික විද්යාබවේ අර්ථ නිරූපණයම ලංකාවට නොගැළපේ.

එබැවින් අනුන්ගේ ඇස තුළින් තමා අවට හා අවශේෂ ලෝකය දැකීම වෙනුවට තමාගේම ඇසින් හාත්පස බැලීමට සුදුසු කාලය එළඹ ඇත. තවදුරටත් පරවට මාද වුවොත් එහි අනිවාර්ය පරාත්තිඵලය විනාශයයි. පරනො ශ්නයට හේතුව සොයා එම හේතුව ඉවත්කිරීම තුළින් පරඹ ශ්නය විසදා ගත හැක. ඒ බෞද්ධ ඉගැන්වීමයි.

ආචාර්ය සූරිය ගුණසේකර

Back to Top